Jack the ripper අභිරහස් ඝාතකයා
Serial killers ලා ගැන ඔයගොල්ලො සමහර විට අහලා ඇති. අද කතා කරන්න යන්නේ එවැනි ඝාතකයෙක් ගැන, ඉතින් ඉස්සෙල්ලාම කියන්නම් Serial killer කෙනෙක් කියන්නේ කව්ද කියලා. ඇත්තටම Serial killer කෙනෙක් කියන්නේ හේතුවක් නොමැතිව මිනිස්සු ඝාතනය කරන කෙනෙකුට, ඒක ඇත්තටම කිවොත් මානසික විකෘතියක්. ලංකාවේ පසුගිය කාලයේ කහවත්ත ප්‍රදේශයේ කාන්තාවන් ඝාතනය උනා, ඒකත් බොහෝ විට සීරියල් ඝාතකයෙක් වෙන්න පුලුවන්. මෙවැනි ඝාතකයෙක් යම් තොරාගත් පිරිසක් තමයි ඝාතනය කරන්නේ, උදාහරණයක් විදියට මැදිවියේ කාන්තාවන් ඝාතනය කරන්න තොරාගත්ත නම් ඔවුන්ව තමයි ඝාතනය කරන්නේ. ගොඩාක් වෙලාවට ඔවුන් ලිංගික ක්‍රියාකාරකම් වලට පවා ඒ කියන්නේ දුෂණය කිරිමක් හෝ නොකරනවා, හේතුව ඔවුන්ගේ මානසික තෘප්තිය තමයි ඝාතනය කිරිම. ඉතින් අද කතා කරන්නේ ඉතිහාසයේ හිටිය එවැනි සිරියල් ඝාතකයෙක් ගැන, අදටත් ඔහු කව්ද කියන එක අභිරහසක්. ඔහු තමයි Jack the ripper. සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රචක සර් ආතර් කොනන් ඩොයිල් පවා මෙම ඝාතකයා කව්ද යන්න සොයා තියෙනවා. නමුත් අද වනතුරුත් Jack the ripper කව්ද යන්න හෙලි නොවු අභිරහසක්. මොහුගේ චරිතය අලලා චිත්‍රපට ගණනාවක් නිපදවා තිබෙනවා . 1888 වර්ශයේ ලන්ඩන