ඔබේ පරිගණකයට විදාන දිය යුත්තේ කවුරුන්ද? බොහෝ දෙනෙක් සිතන්නේ තමන් ගේ පරිගණකය, වෙන පුද්ගලයෙකුට අවනත නොවී තමන්ට අවනත විය යුතු බවයි. “ විශ්වාසනීය පරිගණක භාවිතාවක් ” හෙවත් “ Trusted computing ” ලෙස ප්‍රකාශ කරන චිත්‍රපට නිෂ්පාදක හා සංස්කාරක ආයතන, මයික්‍රොසොෆ්ට් හා ඉන්ටෙල් වැනි පරිගණක සමාගම් සමග එක්ව, සැලසුම් සහගතව ඔබගේ පරිගණකය ඔවුන්ට අවනත කරගැනීමට කටයුතු කරයි. මේ සදහා බොහෝවිට යොදා ගන්නේ Proprietary software නැතහොත් හිමිකාරිත්වය වෙනත් පුද්ගලයෙකුට හෝ සමාගමකට ඇති මෘදුකාංග වේ. (Image source: www.fsf.org ) Proprietary මෘදුකාංග (Proprietary software) යනු ඔබට සම්පූර්ණ පාලනයක් හිමි නොවන මෘදුකාංගයි තවදුරටත් අර්ථ දැක්වුවහොත්, ක්‍රමලේඛනය කර ඇති ආකාරය අධ්‍යනය හෝ සංස්කරණයට හැකියාව අවහිර කර ඇති මෘදුකාංග වේ. මෙම ස්වභාවය උපයෝගී කරගෙන, තමන් ගේ පාරිභෝගිකයන්ට අවභාවිතයට ගන්නට සුවිසල් සමාගම් පෙලබීම පුදුමයට කරුනක් නොවන්නේ එය සැබැවින්ම දක්‍ෂ ව්‍යාපාරික ක්‍රමයක් නිසාය. මයික්‍රොසොෆ්ට් ආයතනය මෙවැනි කටයුතු අවස්ථා කිහිපයකදී සිදුකර ඇත. වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතියේ එක් සංස්කරණයක, ඔබගේ පරිගණකයේ ස්ථාපිත කර ඇති මෘදු...