ජීවය ගැන අසිරිමත් විශ්වයේ අමුතු කතාවක්

ජීවය​ in universe image 1

මේකත් එක්තරා ආකාරයක විද්‍යා ප්‍රබන්ධයක් වගේ සාධක මගින් ප්‍රත්‍යක්ෂ වූ යමක් නොවෙයි විය හැකිය කියා අනුමාන කල හැකි දෙයක්. මම සරලවම එන්නම් පැහැදිලි කිරීමට. අපේ සෞරග්‍රහ මන්ඩලයේ ඉදන් ආලෝක වර්ශ බිලියනක් ඈතින් තියන චක්‍රාවාටයක් මොන වගේ වෙයිද? අපේ ක්ෂීරපථයට සමාන ගුනයන් පෙන්වන එකක් වෙයිද නැත්තම් හාත්පසින්ම වෙනස් එකක් වෙයිද? එහි  ජීවය හට ගෙන අැත්ද? විද්‍යාවේ හා තාක්ෂණයේ දියුනුවෙන් යම් මතු දිනක ආලෝක වර්ෂ බිලියනයක දුරක් පැහැදිලි නිරීක්ෂණය කිරීමට හැකි දුරේක්ෂයෙක් නිපදවුවොත් අපිට එයින් සත්‍ය රූපයක් බලාගත හැකිවෙයිද, නැහැ ඇයි අපේ දුරේක්ෂට අසුවන ඒ ආලෝක කදම්බ වසර බිලියනයක් පැරනි ඒවා, ඉතිං වසර බිලියනයකට කොච්චර වෙනස්කම් වෙන්න පුලුවන්ද.

ජීවය in universe image 2

(Image source: cpcache.com)

මම මේ ඒ වගේ දුරක පවතින දෙයක් නිරීක්ෂණයට කොච්චර අපහසුද කියා පෙන්නුවා පාමනයි. ඉතිං විශ්වයේ එතරම් දුර ප්‍රදේශයක් මොන වගේ වෙයිද. අපේ පෘථිවියට වඩා කොතරම් විශාල ග්‍රහලෝක සූර්‍යයන් ඇත්ද දැන් අපි හිතමු, එහි ජීවයක් වේ නම් ඒ ජීවය මොන වගේද කියලා. සරලවම ඔවුනුත් අපි වගේ ඔක්සිජන් ආශ්වාස කරමින් ජලය පානය කරමින් ආහාර ගනිමින් ජීවත් වන අය විය යුතුමද තවත් දුරට හිතුවොත් අපි වගේම කාබන් පදනම් වූ ජීවීන් විය යුතුමද, නැහැ අපිට එසේ අනුමාන කල නොහැකිය ජීවයකට අවශ්‍ය එකම සුදුසුකම් මේවා කියා කාටද කියන්න පුලුවන් මේ පිලිබද පරීක්ෂණ කරන මහාචාර්යවරුන්ගෙ එක් ප්‍රබල මතයක් තමා විශ්වයේ ඈත සිලිකන් පදනම් වූ ජීවීන් සිටිය හැකි බව, නමුත් ඇයි සිලිකන්ම? සරලවම කිව්වොත් කාබන් අනුවක ගුනාංග වලට සිලිකන් අනුව බෙහෙවින් සමාන නිසා

“Carbon and silicon are chemically very similar in that silicon atoms can also each form bonds with up to four other atoms simultaneously”

ඒ වගේම සිලිකම් කියන්නේ මේ විශ්වයේ කාබන් වගේම ගොඩක් සුලබ මූලද්‍රව්‍යක්.

ඉතිං හිතන්න​ සිලිකන් මත පදනම් වූ ජීවය මොන වගේ වෙයිද අපි හිතන් ඉන්න වැලි මිනිස්සු වගේද නැත්තම් සැබෑවටම මොන වගේද?

අපිට උපකල්පනය කරන්න බැහැ ඒක ගොඩක් සංකීර්ණ තත්වයක්.

ථිවියෙන් පිට ජීවය මොන වගේද කියලා අපිට තාම උපකල්පනය කරන්න බැහැ මොකද අපි ජීවත් වෙන්නෙ ත්‍රිමාන ලොවක නැතිනම් අපිට සංවේදී වන්නෙ මාන තුනක් පමනයි නැත්තම් හතරවන මානය ලෙස සලකන කාලයත් සමග මාන 4යි. ඉතිං පස්මානික ජීවීන් මොන වගේද කියලා අපිට උපකල්පනය කරන්න බැහැ වගේම අමාරුයි සිලිකන් ජීවියෙක් මොන වගේද කියලා උපකල්පනය කරන්න. කොහොමද සයමානික සිලිකන් ජීවියෙක් මොන වගේ වෙයිද? සමහරවිට අපිට සංවේදී නොවෙන්නත් පුලුවන් එවැනි ජීවියෝ ඉතිං අපිට මේ විශ්වය මොන වගේ එකක්ද කියලා හරියටම කියන්න බැරි උනාට අපිට පුලුවන් එකක් කියන්න ඒ තමා මේ විශ්වය හරි අමුතු එකක් වගේ උනාට හරිම සුන්දර එකක් ඉතිං විද්‍යාවෙ දියුනුවත් එක්ක තවත් කාලෙකින් අපිට අද හොයාගන්න බැරි උන ගොඩක් දේවල් හොයාගෙන පුලුවන් වෙයි.

ඉදිරි අනාගතයේ අපිට type 2 civilization එකකට යන්න ඒ කියන්නේ අපේ ක්ෂීරපථයෙ වෙනත් ග්‍රහලෝක වල ජනාවාස හදන්නත් පුලුවන් වෙයි. ඉතිං මට කියන්න තියෙන්නෙ මේ අභ්‍යාවකාශයේ ගවේෂණය කියන්නේ කිසිසේත්ම ප්‍රයෝජනවත් නැති දෙයක් නෙවෙයි එය අපේ විද්‍යාවෙ හා තාක්ෂණයේ දියුණුවත් එක්ක අවශ්‍යම දෙයක්.

මේ වගේ තවත් ලිපි | Read more like this

The post ජීවය ගැන අසිරිමත් විශ්වයේ අමුතු කතාවක් appeared first on කළු කුහරය | Black Hole.

කළු කුහරය | Black Hole http://ift.tt/2BmVTc8




http://ift.tt/2o6BWB4
Visit our website to read more

Kommentit

Tämän blogin suosituimmat tekstit

ලොව​ බිහි වූ ඉතාමත් විශිෂ්ට විද්‍යාඥයන් දස දෙනෙක්

The FDA Fights Back Against Homeopathy

Modern human brain organization emerged only recently