මරණය ගැනවත් නොසිතා මයික්‍රෝවේව් එකක් තුල ඔලුව හිර කරගෙන
(Image source: iflscience.com)
ඉන්ටර්නෙට් එකේ නොයෙකුත් වීඩියෝස් අපිට නිතරම වාගේ දකින්න පුලුවන්, විශේෂයෙන්ම යූටියුබ් එකේ. පසුගිය දිනයක හරි අපූරු සිදුවීමක වීඩීයෝ එකක් දකින්නට ලැබුනා. එක යූටියුබ් තරුවක් මරණය ගැනවත් නොසිතා ඔහුගේ හිස මයික්‍රෝවේව් උදුනක් තුල දමා එය සිමෙන්ති වලින් පුරවපු ආකරය.
2017 අවුරුද්ද වන විට සමහරක් මිනිසුන් ගේ සාමන්‍ය දැනුම අඩු වෙලාවත්ද කියලා වෙලාවකට හිතෙනවා මේ වාගේ වීඩීයෝස් බලන කොට. මේ වීඩීයෝ එකේ 22 හැවැරැදි Jimmy “Jay” Swingler නැමැති පුද්ගලයා මෙලෙස ඔහුගේ හිස පොලිතින් මල්ලකින් ආවරණය කර මයික්‍රෝවේව් යන්ත්‍රයක දමා මරණය ගැනවත් නොසිතා එය Polyfilla නැමැති සිමෙන්ති වර්ගයෙන් පුරවා වේලෙනකන් බලාගෙනත් ඉදලා තියෙනවා. මෙය සිදුවී අැත්තේ Wolverhampton, UK හීදීය. මේ සිද්ධිය බලන ඕන කෙනෙක්ට අනිවාර්‍යෙන්ම හිතෙන දෙයක් තමා, මේ මනුස්සයා මොකද්ද මේ කරන මෝඩ වැඩේ කියන එක. ඔහුගේ යූ ටියුබ් චැනල් එක වන්නේ TGFbro
ඔහු මරණය ගැනවත් නොහිතා මේක කරලා කරල අන්තිමට අනූ නවයෙන් තමා බේරෙන්නෙ
පහත වීඩීයෝ එකෙන් ඔයගොල්ලන්ටත් බලාගන්න පුලුචන් ඔහූ ඒ කල ක්‍රියාව මුල සිට අගටම.
අවවාදය: මෙම වීඩියෝව තුල පරුෂ වචන් භාවිතා වේ. මේ වගේ දේවල් නම් කවදාවත් ඔයගොල්ලො කරන්න යන්න එපා මරණය ගැනවත් බියක් තියෙනවනම්.
ඔහුට හුස්ම ගැනීම සදහා ප්ලාස්ටික් බටයක් යොදාගෙන තියෙන්නේ, එහි එක් කොනක් මයික්‍රෝවේව් එක තුල තියාගෙන අනෙක් කොන පිටතට එන අයුරින්. සිමෙන්ති ප්‍රසාරණය වන නිසා ඔහු හුස්ම ගන්නා බටය පවා අවහිර වී අැතිමුත්, එයින් දිවි ගලවාගන්න පුලවන් වීම අැත්තතම වාසනාවක්. ඔහූගේ මිතුරන් පැයකට වැඩි කාලයක් ඔහුගේ ඔලුව එයින් ඉවතට ගන්න උත්සාහ කලත් හරි ගියේ නෑ.
අවසානයේදී හදිසි අනතුරු අංශය පැමිණ පැයක පමණ කාලයක් වැය කොට ඔහුගේ හිස මයික්‍රෝවේව් යන්ත්‍රයෙන් එලියට අරන් තියෙන්නෙ. ඔවුන්ද ඔවුන්ගේ අප්‍රසාදය Twitter ගිනුමෙන් පල කරල තිබ්බා, මොකද ඔවුන්ගේ කාලය ඉතාමත් වටිනා නිසා.
We're seriously unimpressed
.
Five of our firefighters were tied up for an hour this afternoon, freeing a YouTube pranker whose head had been 'cemented' inside a microwave oven. Read more: https://t.co/6bZReGuKQX (Photos © West Midlands Fire Service) http://pic.twitter.com/2ch2UhszeH— West Midlands Fire (@WestMidsFire) December 7, 2017
https://platform.twitter.com/widgets.js
West Midlands Fire Service, විසින් මෙලස පවසා අැත.
“If we’re attending incidents that are YouTube videos where we have people that have been irresponsible, those crews are unable to attend those life-saving incidents.”
“I’d like to remind everybody not to put their lives at risk for the sake of other people’s entertainment.”
ඉහත ප්‍රකාශ වලින් අනතුරුව එම සේවය මගින් මේ වගේ අණුවන ක්‍රියා ගැන කෙටි වීඩීයෝවක්ද නිකුත් කරලා තිබ්බා.
West Midlands Fire Service has issued the following video statement regarding this incident. http://pic.twitter.com/hv0Cg1fbD1
— West Midlands Fire (@WestMidsFire) December 8, 2017
https://platform.twitter.com/widgets.js
හදිසි සේවයේ ප්‍රධානීන් පවසන ආකරයට මේ වගේ වැඩ කරල හදිසි සේවා අංශ වල කාලයා කා දැමීම හේතුවෙන් ආඩුම තරමේ £650 ගෙවිය යුතු බවය. කෙසේ නමුත් Swingler ගේ ජීවිතයට අැත්තටම තර්ජණයක් එල්ල වී තිබුන නිසා ඔවුන් කිසිදු මුදලක් අය කරලා නෑ.
මමනම් හිතන්නේ නෑ මේ ලිපිය කියවන ඔයගොල්ලන්ට මේ වගේ දේවල් මරණය ගැනවත් හිතන්නේ නැතුව අත් හදා බලන්න එපා කියල අමුතුවෙන් කියන්න ඕනේ කියලා. මොකද ඕනම කෙනෙකුට තේරෙනවා මෙය විහිලුවක් හෝ කිසිම පදනමක් අැති අත් හදා බැලීමක්වත් නොවෙන බව.
ඇතැම් විට හිතනෙවා 2018 වර්ශයේදී මීටත් වඩා දේවල් කරන්න මිනිස්සු පෙලෙඹෙයි කියලා, විශේෂයෙන්ම YouTube views වැඩි කර ගන්න.
මේ වගේ තවත් ලිපි | Read more like this
The post මරණය ගැනවත් නොසිතා මයික්‍රෝවේව් එකක් තුල ඔලුව හිර කරගෙන appeared first on කළු කුහරය | Black Hole.
කළු කුහරය | Black Hole http://ift.tt/2AUamg3
http://ift.tt/2AU8Z13
Visit our website to read more
Kommentit
Lähetä kommentti