ගෞතම බුදුන් හා ජයින මහවීර යනු එක් අයෙක්ද?

මේතරම් සමාන ජිවිත කතන්දර දෙදෙනකුට තියෙන්න පුලුවන්ද? ජයින මහාවිර හා ගෞතම බුදුන් යනු එක් අයෙක්ද?

 ගෞතම බුදුන් හා ජයින image

(Image source: hinduwebsite.com)

ඉතිහාසයේ ජීවත් වුවා යැයි කියන මේ දෙදෙනාම එදා පැවති බමුණු මත නිර්ධය ලෙස විවෙචනය කෙරූ අතර එදා සමාජ සෝධනය කිරිමෙහිලා ලොකු කාර්‍ය්භාරයක් ඉටුකරන ලදී. කෙසේ නමුත් මේක මාගේ පෞද්ගලික අදහසක් පමණයි. ජයින මහවීර උපදින්නේ ක්‍රි.පු 599 දි ලිච්චවි රාජ කුමාරයෙක් ලෙසිනි. පියා සිද්ධාර්ථ නම් රජෙකි, මව ත්‍රිශාලා නම් බිසවයි. උපදින්නට පෙර ඔහුට දේව අරාධනාවක් ලැබෙයි. ඔහු පිලිසිඳ ගනිද්දි මව සිහිනෙන් සුදු ඇතෙක්, සුදු කොටියෙක් ආදී සිහින දැක අැත.
දැන් අපි දන්නා කතාව බලන්න සිද්ධාර්ථ කුමාරයාගෙ පියා සුද්ධොදන මව මහාමායා. නම් වෙනස් නම් උප්පත්ති කතන්දරෙ ලොකු සමානකමක් තියෙනවා නෙද? මහාමායා දේවිය​ දකින හීනයේ​ ඉන්නේ එක් ඇත් පැටියෙක් විතරයි, එපමණයි වෙනස. ඊලඟට මහවීරට පියා කුඩා කාලයේදීම​ වදිනවා. සිද්ධාර්ථ කුමාරයාටත් එලෙසමයි. බමුණන් විසින් මහවීර ගැන කියන අනාවැකි නිසා ඔහුට රාජ්‍ය සම්පත් ගොඩක් ලැබෙනවා. මහවීර යසෝධා නම් කුමාරිකාවක් සරණ පාවා ගන්නවා. සිද්ධාර්ථ කුමාරයා සරණ පාවා ගන්නේ යසොධරා නම් වූ කෙනෙකි. අවුරුදු 29 දි සිද්ධාර්ථ කුමාරයා පුතෙක් ඉපදිම නිසා අභිනිශ්ක්‍රමණය කරන අතර මහාවිර අවුරුදු 31 දි දුවක් ඉපදිම නිසා අභිනිශ්ක්‍රමණය කරයි. දෙදෙනම සොයාගෙන යන්නේ විමුක්තියයි.
මහවීර අවුරුදු 12 ක් දුශ්කර ක්‍රියා කරන අතර සිද්ධාර්ථ අවුරුදු 6 ක් දුශ්කර ක්‍රියා කරයි. සිද්ධාර්ථ හා මහවීර යන​ දෙදෙනාම නිවන් අවබෝධ කර ගන්නේ ගසක් යටදිය. සිද්ධාර්ථ කුමාරයා සසර ගමන තමන් නැවැත්වු බවත් ඉන්පසුව ඔහු තමන් බුද්ධ යනුවෙන් හදුන්වා ගන්නා ලදී. මහවීර තමන් සසර ගමන නැවැත්තුවු බවත් ඔහු නිගන්ට (සසර බැමි නැති) යනුවෙන් හදුන්වා ගන්නා ලදී. සත් සතියේ එක කතාවක් වන මුඡ​ලින්ද නාගයා හා සමාන නාගයෙකු මහවීර නිවන් අවබෝධ කරගන්න කලින් භාවනා කරන විටදී ආරක්ෂා කරයි. දෙදෙනාගෙම​ නිවන් අවබොධ කරන කතන්දරෙ දී මාර සෙනග ආව කතාවක් ඇති අතර එය 100% සමාන කතාවක් වේ. ජයින මහාවිර යනු 24 වෙනි තිර්තන්කර් වන අතර ගෞතම බුදුන් 28 වෙනි බුදුන් බවත් ජයින හා බුද්ධාගම​ විසින් හදුන්වා ඇත. ජයින හා බුද්ධාගම​ යන දෙකම අවිහිංසාවාදි අදේවවාදී ආගම් වේ.
සසර ගමන නැවැත්වීම​ නිර්වාණය ලෙස ජයින හා බුද්ධාගම පිලිගනී. කර්මය, නැවත ඉපදිම, නිවන දෙකේම​ ඇත. ජයින අවිහිංසාවාදි අන්තවාදී වී ඇත, ශාක වලට ජිවයක් ඇති බවත් ජලයේ ඇසට නොපෙනෙන ජීවීන් ඇති බවත් ජයින මහවීර කියන ලදී. පස් පව් හා වස් විසිම දෙකේම ඇත. දෙදෙනාටම අගසව් සිට ඇත, ජයින මහාවිරට මහා පුරුෂ ලක්ශණ 31 තිබු බවත් ගෞතම බුදුන් හට 32 තිබු බවත් කියයි. බුද්ධාගම හා ජයින දෙකේම​ කුල භේදයට පහර ගසා ඇති අතර බමුණන් නිර්ධය ලෙස විවෙචනය කර ඇත. මම විශ්වාස කරන විදියට බොහෝ විට මේ දෙදෙනාම​ එක් අයෙකු වන්නට ඇති අතර ජයින වල අන්තවාදී කොටස් අතහැර බුද්ධාගම එහි නිකායක් විදියට පසු කාලිනව බිහි වුවා වන්නට පුලුවනි. බොහෝ විට අසොක රජු සමයේ මෙසෙ වන්නට ඇතැයි සිතෙයි. ජයින ආත්මයක් පිලි ගත් අතර බුද්ධාගම ආත්මවාදය බැහැර කර ඇත.
මාගේ පෞද්ගලික මතය නම් මහවීර හා ගෞතම බුදුන් යනු දෙදෙනකු නොව එක් අයෙකුම බවයි.

The post ගෞතම බුදුන් හා ජයින මහවීර යනු එක් අයෙක්ද? appeared first on කළු කුහරය | Black Hole.

කළු කුහරය | Black Hole http://ift.tt/2zi53Vl




http://ift.tt/2Bornft
Visit our website to read more

Kommentit

Tämän blogin suosituimmat tekstit

ලොව​ බිහි වූ ඉතාමත් විශිෂ්ට විද්‍යාඥයන් දස දෙනෙක්

The FDA Fights Back Against Homeopathy

Modern human brain organization emerged only recently