සතුන්ගේ දත් වල පරිණාමය හා අනුවර්තී විකිරණය

සතුන්ගේ දත් වල පරිණාමය image 1

සතුන්ගේ දත් වල පරිණාමය ගැන කතා කරනකොට මේ දත් ඔයගොල්ලන්ට මොනතරම් වැදගත්ද? කෑමක් රසායනිකව ජීරණය කරන්න කලින් යාන්ත්‍රික ජීරණයක් කරන්න දත් ගොඩක් වැදගත්. මිනිස්සුන්ට නම් භාෂාව සඳහා සන්නිවේදනයට වැදගත්. තවත් සතුන්ට ආහාරයට වගේම ආරක්ෂාවටත් වැදගත්. ඉතින් මේ දත් කොහොමද ආවෙ? මොන කාලෙද? සත්වයන්ගේ පෝෂණ ක්‍රමය වන සත්ව සදෘෂ්‍ය පෝෂණයෙදි දත් ඇති වීම ඉතා වැදගත් සන්ධිස්ථානයක්. මුලින්ම දත් වලින් කරන කාර්යය කරන්න දන්ත සදෘශ්‍ය අවයව සතුන්ට ඇති වෙනවා. ඒවා තමයි ආත්‍රොපෝඩාවන්ගේ මැක්සිලා වගේ මුඛ උපාංග සහ මොලුස්කාවන්ගේ රේඩියුලා (රේත්‍රිකාව) නමුත් මුලින්ම දත් කියලා කියන්න පුලුවන් උපාංග බිහිවන්නේ මත්ස්‍යයන්ගේ. පෘෂ්ට වංශී සතුන්ගේ දත් වල පරිණාමය, පරිණාමික අවස්ථා තුනකින් අපි පොදුවේ පිළිගන්නවා.

  • කූප දන්තී තාවය

දත් තල්ලේ බාහිර උපාංග ලෙස ප්‍රසරාකාරයෙන් හට නොගෙන තල්ල තුළ විෂේෂණය වූ සනාලනය වූ කුහර තුලින් හට ගැනීම. මේ අවධිය උරග අවධියේදි තරණය කරනවා.

  • විෂම දන්තීතාවය

එකම වර්ගයේ උපාංග වෙනුවට බහු කාර්ය උපාංග ලෙස විශේෂිත වූ වර්ග කීපයක දත් හට ගැනීම උරගයන්ගෙන් ආරම්භ වූ මේ සංධිස්ථානය ක්ෂීරපායින් තුළ අති බහුල ලෙස ව්‍යාප්ත​ වෙලා ප්‍රධාන වශයෙන් දත් වර්ග හතරක දන්ත වින්‍යාසයක් දක්වා පරිණාමය වෙනවා.

  • ද්විවාර දන්තී තාවය

 

ජීවිතය තුළ දෙවරක් දත් හට ගැනීම. මෙය ක්ෂීරපායින් තුළ සංජනනාත්මක ලක්ෂණයක් ලෙස ශේෂව පවතිනවා.

අපි දැන් ක්ෂීරපායින්ගේ දත් වල පරිවින්‍යාසයන් උන්ගේ පරිසර නිකේතන අනුව අනුවර්තනය වෙලා තියෙන්නෙ කොහොමද කියලා සොයා බලමු

සතුන්ගේ දත් වල පරිණාමය image 2

(Image source: people.umass.edu)

මාංසභක්ෂක සතුන්ගේ රදනක දත් වඩාත් ශක්තිමත්ව තියුණුව සැකසී තිබෙනවා. ශාකභක්ෂකත්වය වැඩිවත්ම රදනක දත් අවශිෂ්ට වෙමින් සැඟවී යන අතරම ශාක ද්‍රව්‍ය ඇඹරීම සඳහා චාර්වක පුරශ්චාර්වක දත් ශක්තිමත්ව ප්‍රසර සහිතව විශේෂණය වෙනවා. ඒ වගේම කෘන්තක දත් දන්ත තල ලෙස බද්ධ වීමත් සිදු වෙනවා.

රොඩෙන්ටියාවන් තමන්ගේ දිගු කෘන්තක දත් වලින් ගන්නා ප්‍රයෝජන අති මහත් මෙනිසා ඔවුන්ගේ කෘන්තක දත් ජීවිත කාලය පුරාම දික් වීම සිදු වෙනවා.

අලි ඇතුන්ගේ දන්ත සූත්‍රය ඉතාම විශේෂිතයි, ඔවුන්ගේ දත් වල රදනක දත් සම්පූර්ණයෙන්ම වගේ අවශිෂ්ට වෙමින් චාර්වක පුරශ්චාර්වක දත් එකිනෙක බද්ධ වී සක්‍රිය දත් දෙකක් පමණක් එක වරකට පිහිටා තිබෙනවා. ගොඩක් අය හිතන්නේ දළ කියන්නේ දික් වුණු රදනක දත් කියලා, ඒත් ඒවා කෘන්තක දත්. අනික් ක්ෂීරපායින්ගෙන් ඇතුන් වෙනස් වෙන දෙයක් තමයි දෙවරක් වෙනුවට ඇතුන්ගේ ජීවිත කාලයේ සය වරකදී දත් ඒම. ඒ වගේම අනික් ක්ෂීර පායින්ගේ දත් සිරස්ව උඩින් පහත් වී ප්‍රතිෂ්ථාපනය වුණාට අලින්ගේ දත් එන්නේ තිරස්ව චක්‍රාකාර ලෙසයි.

ඒ වගේම බද්ධ වූ දත් වල මස්තකයේ දෘඩ ඇලි පිහිටා තියෙනවා දළ ආහාර ගැනීමට. අලින්ගේ දළ ආහාර පුරුදු නිසා ඒ දත් ඉක්මනින් ගෙවෙනවා, ඉන් පසු අනික් දත් එනවා. දත් කට්ටල 6 ම ගෙවුණු පසු නැවත දත් එන්නේ නෑ. ඒ නිසා වන අලි ගොඩාක් මිය යන්නේ නිරාහාරවයි. බොහෝවිට 6 වන දත් කට්ටලය ගෙවුණු පසු වෘධ අලියා තම අවසානය ළඟා වූ බව දැන පෙඳ සෙවෙල් ආහාරයට ගැනීම පිණිස ඇත් සොහොන් කරා යන බව විශ්වාස කෙරෙනවා. මිනිසුන් ඇති කරන හස්තීන් ඉන් පසුව කැඳ වැනි ආහාර ලබාදී පෝෂණය කරන නිසා උන් වැඩි කලක් ජීවත් වීම මෙයින් පහදා ගත හැකියි. ඇතුන් සියුම් ආහාර සඳහා මිනිස් නිවාස ආක්‍රමණය කරන්නෙත් මේ ඉරණම ගැන දන්න නිසා බවට මත පල වී තිබෙනවා.

මුහුදට බැහැපු ක්ෂීරපායින් වන සිටේසියා ගෝත්‍රයේ තල්මසුන් වැනි සතුන්ගේ දත් වල පරිණාමය ගැන ඊළගට බලමු

සතුන්ගේ දත් වල පරිණාමය image 3

(Image source: internapcdn.net)

මොවුන්ගේ දත් සම්පූර්ණයෙන්ම​ වගේ අවශිෂ්ට වෙලා ආහාර අධිග්‍රහණයට බැලීන් තල සෑදි තිබෙනවා. දැලක් වැනි බැලීන් තල වල ශාක හා සත්ව ප්ලවාංග රැදී තල්මසාට ආහාර වෙනවා.

මේ වගේ තවත් ලිපි | Read more like this

 

The post සතුන්ගේ දත් වල පරිණාමය හා අනුවර්තී විකිරණය appeared first on කළු කුහරය | Black Hole.

කළු කුහරය | Black Hole http://ift.tt/2kwDFeu




http://ift.tt/2kwGz2T
Visit our website to read more

Kommentit

Tämän blogin suosituimmat tekstit

ලොව​ බිහි වූ ඉතාමත් විශිෂ්ට විද්‍යාඥයන් දස දෙනෙක්

The FDA Fights Back Against Homeopathy

Modern human brain organization emerged only recently