Dark web කියල කියන්නේ මොන වගේ තැනක්ද?
Mr. Noob: සුබ උදැසනක් ගුරු අයියේ
Mr. Guru: සුබ උදැසනක්, සුබ උදැසනක්. මොකෝ මේ උදේම?
Mr. Noob: පොඩි ප්‍රශ්නයක් අයියෙ, මට ඊයෙ යාලුවෙක් Dark web කියල එකක් ගැන කිව්ව.
Mr. Guru: ඉතින්?
Mr. Noob: මම පොඩි සර්ච් එකක් දාල බැලුව. ඒක මහ භයානක තැනක් නේද?
Mr. Noob: ගොඩක් YouTube වීඩියෝස් තියනව මේ ගැන, ඒත් මට දැනගන්න ඕනි මේක වැඩකරන්නෙ කොහොමද කියල. මොනාද මේ Onion sites? කොහොමද මේවගේ නීතිවිරෝධි දේවල් අහු නොවෙන්න පවත්වාගෙන යන්නේ?
Mr. Guru: මෙහෙමයි, ඕක ලේසියෙන් කියල දෙන්න පුලුවන් දෙයක් නෙවෙයි, හැබැයි දල අදහස කියල දෙන්නම්. ඔයා දන්නවද Onion routing ගැන?
Mr. Noob: නැ නෙ.
Mr. Guru: හරි, ඔයා facebook.com කියල බ්‍රව්සරයෙ (Browser) ටයිප් කරනකොට, ඔයාගෙ request එක යන්නෙ facebook එකට. ඔතනදී කෙලින්ම යන්නෙ නැ තමයි, ඒත් ඔයා කොහෙට සම්බන්ධ උනත් request එක මොකක්ද, කවුද එව්වෙ වගේ දේවල් පැහැදිලියි. දැන් Onion routing එකේදි වෙන්නෙ, ඔයාගෙ request එක encrypt වෙන එකයි. ඒක අඩුම තරමින් තුන්පාරක්වත් encrypt වෙනවා. එතකොට ඔයාගෙ request එකත් හරියට ලූනු ගෙඩිය වගේ, පොත්තෙන් පොත්ත ගලවන්න ඕනි.
Mr. Noob: එතකොට කවුද encrypt කරන්නේ? කවුද decrypt කරන්නේ?
Mr. Guru: ඔන්න ඔතනදී තමයි Onion routers එන්නෙ. මම ඉස්සෙල්ල කියපු encryption සහ decryption එක කරන්නෙ මේගොල්ලො තමයි. ඔයා අහල ඇතිනෙ Tor network එක. ඒක තමයි මේ Onion routing එක යොදාගෙන තියෙන්නෙ. ඔයා Tor බ්‍රව්සර් (Tor browser) එක ඕපන් කලාම, එයා නෙට්වර්ක් එකට සම්බන්ධ වෙනවා. එතනදි එයා සම්බන්ධ වෙන routers එක්ක වෙනස් symmetric keys බෙදාගන්නවා. Routers තුනක් නම්, keys තුනක්. දැන් routers තුනක් A, B, C කියල ගමු. ඔයා Tor එකෙන් මුලින්ම request එක යවන්නේ A ට, A ට යවන request එක තුන්පාරක් පිළිවෙලින් C, B, A ට දීපු keys වලින් encrypt කරල තියෙන්නෙ. A ට මැසේජ් එක ආවම, එයා තමන් එක්ක බෙදාගත් key එකෙන් මැසේජ් එක decrypt කරනවා. නමුත් තාමත් මැසේජ් එක පැහැදිලි නැ, දැන් A, Bට මැසේජ් එක යවනවා. B තමන් ගෙ තියන key එකෙන් decrypt කරල C ට යවනවා. C, decrypt කරාම පැහැදිලි මැසේජ් එකක් ලැබෙනවා. මෙතනදී C විශේෂයි, C ට කියන්නෙ Exit node එකක් කියල. එයා තමයි පැහැදිලි මැසේජ් එකේ තියන එක කියවල Proxy server එකක් වගේ ඔයාට අවශ්‍ය වෙබ් පිටුව ගෙනත් දෙන්නෙ.
Mr. Noob: එතකොට C ගෙනත් දෙන වෙබ් පිටුව (Web page) ආපහු මට එන්නෙ encrypt කරලද?
Mr. Guru: ඔව් ආපස්සට මැසේජ් එක එන්නෙත් C, B, A පිළිවෙලින් encrypt කරල. අන්තිමට ඔයා ගාවට ආවම, keys ඔක්කොම තියන නිසා සම්පූර්ණයෙන් decrypt කරගන්න පුලුවන්.
Mr. Noob: එතකොට ඔය A, B, C තියෙන්නෙ එකම තැනද?
Mr. Guru: නැ, මේව එක එක රටවල් වල තියෙන්නත් පුලුවන්, එකම රටක තියෙන්නත් පුලුවන්. ඔයා Tor නෙට්වර්ක් (Tor network) එකට සම්බන්ධ වෙන හැම වාරයකදීම වෙනස් routers තමයි ලැබෙන්නෙ.
Mr. Noob: එතකොට මේක කොහොමද Dark web එකට සම්බන්ද වෙන්නෙ?
Mr. Guru: දැන් තමයි හොදම හරිය, ඔයාට පේනවද Onion routing එකේ තියන ප්‍රශ්නයක්? ඒ කියන්නෙ request එක දැනගන්න ක්‍රමයක්?
Mr. Noob: ඔව්, C වෙබ් පිටුව ගන්න සර්වරයට (Server) කතා කරන්නෙ පැහැදිලි මැසේජ් එකකින් නෙ.
Mr. Guru: හරියට හරි. තව පැහැදිලි කරනවනම්, facebook.com එකට request එකක් යැව්ව කියල හිතමු. කොහෙන් හරි Tor නෙට්වර්ක් එකෙන් එලියට මැසේජ් එක එන්න ඕනි facebook සර්වර් එකට යන්න නම්. මොකද facebook තියෙන්නෙ Tor නෙට්වර්ක් එකේ නෙවෙයි. ඉතින්, මේ ප්‍රශ්නය හින්ද ඉතා සාර්ථක Anonymity එකක් ලැබෙන්නෙ නෑ. ඒකට විසදුමක් විදියට තමයි Tor hidden services තියෙන්නෙ. ඇත්තටම කියනවනම් මේකෙන් වෙන්නෙ අර වෙබ් පිටුව තියන සර්වර් එකත් Tor නෙට්වර්ක් එකේ ඇතුලට ගෙනල්ල දාන එකයි.
Mr. Noob: එතකොට අපි Dark web වෙබ් එකේ පාවිච්චි කරන මතක හිටින්නෙ නැති URL වලින් කොහොමද ඔය සර්වර්ස් හොයාගන්නේ?
Mr. Guru: ඒක ටිකක් සංකීර්ණයි. දැන් නම් වෙලා නැ, අපි මේ ගැන වෙන දවසක කතා කරමු. මම හිතනව ඔයාට දැන් Dark web එක වැඩකරන හැටි ගැන දල අදහසක් ඇති කියල.
Mr. Noob: ඔව් ගුරු අයියෙ. බොහොම ස්තූතියි. අපි වෙන දවසක වැඩි විස්තර කථා කරමු.
Mr. Noob: සුබ දවසක්!
Mr. Guru: සුබ දවසක්!
මේ වගේ තවත් ලිපි | Read more like this
The post Dark web කියල කියන්නේ මොන වගේ තැනක්ද? appeared first on කළු කුහරය | Black Hole.
කළු කුහරය | Black Hole http://ift.tt/2C0pcyX
http://ift.tt/2BK39Q8
Visit our website to read more
Kommentit
Lähetä kommentti