ලොව පැරණිතම දේවස්ථානය වන Göbekli Tepe

අග්නිදිග තුර්කියේ, ඇනැටොලියා නම් ප්‍රදේශයේ පිහිටි Göbekli Tepe , ලොව සියලුම පුරාවිද්‍යාඥයින් මවිතයට පත් කිරීමට සමත්, මිනිස් ඉදිකිරීම් ඉතිහාසය අවුරුදු දහස් ගණනකින් අතීතයට ගෙනගිය නිර්මාණයකි. Hill of the navel ලෙසද අර්ථ දැක්වෙන​ මෙය​ට, මුල්වරට අවධානය යොමුවූයේ Istanbul University හා University of Chicago, 1963 දී කරන ලද සමීක්‍ෂනයකදීය​. නමුත් මෙහි විදිමත් ලෙස කැනීම් ආරම්භ කරන්නේ 1994 දී German Archaeological Institute නියෝජනය කල ජර්මන් ජාතික Klaus Schmidt විසිනි.

ලොව පැරණිතම image 1

(Image source: gobeklitepe.info)

 

ලොව පැරණිතම දේවස්ථානය (Göbekli Tepe) කල කැණීම් වල ප්‍රතිඵලයක් ලෙස​

ලොව පැරණිතම image 2

(Image source: travel-gazette.com)

මේ කැණීම් වලදී ඉතාවිශාල විශමය ජනක T හැඩැති කුළුණු සොයාගැනීමට හැකිවේ. මෙවැනි කුළුණු 200කින් පමණ සෑදුනු වෘත්ත 20ක් පමණ දක්නට ලැබේ​. මින් එක කුළුණක උස මීටර 6ක් වන අතර ස්කන්ධය ටොන් 20ක් පමන වෙයි. මේවා නිර්මාණය​ කර ඇත්තේ හිරිගල් (limestone) වලින් වන අතර රඳවා ඇත්තේ පිහිටි ගලක ඇති කෙවෙනි වලය​. මෙම කුළුණු වල විවිද සත්ව රූප හා කැටයම්ද දැකිය හැක​. මේවා දෙවියන් සදහා නිර්මාණය කරනලද බව විශ්වාස කරන ඇතැමුන් මෙය පූජනීය ස්ථානයක් ලෙසද සලකයි. මෙහි ඇති තවත් විශේෂත්වයක් නම්, මෙය ඉදිකලා යැයි සැලකෙන කාලයයි. මෙතෙක් කරන ලද කාලනිර්ණයට​ අනුව මෙය වසර 12000 ක් (9600BC) තරම් පැරැණි බව බොහෝ විශ්ලේෂකයන් ගේ මතයයි. එම නිසා මෙය ලොව පැරණිතම දේවස්ථානයක් විය යුතුය​.

නමුත් මෙවැනි ස්මාරක වල නිශ්චිත කාලනිර්ණයක් කිරීම අසීරු නිසා විවිද පාරසරික විපර්‍යාසයන් ගේ සලකුණුමත පර්යේෂකයන්ට යැපීමට සිදුවී ඇත​.

මෙහි කාලනිර්ණයන්ට අනුව

මෙය අනෙක් සියලු ස්මාරකවලට වඩා වසර 6000ක් තරම් පැරණි ලෙස සැලකේ. එනම් මෙය ඉදිවනවිට ඊජිප්තු පිරමීඩ, මොයි පිලිම​, ස්ටෝන් හෙන්ජ් නොතිබෙන්නට ඇත​. Younger Dryas ලෙස හදුන්වන මීට වසර 12900 ක සිට 11700 දක්වා පැවති ගෝලීය උෂ්ණත්වය අධික ලෙස​ පහත වැටීම​, බොහෝ දෙනෙක් දන්නා හිමයුගය අවසන් වනවාත් සමගම මෙම ස්මාරක ඉදිකර තිබීම පුදුමයකට කරුනකි. මෙය සැදුවේ කවුරුන් ද​? ඔවුන් එවැනි අතීතයක මෙවැනි සුවිසල් ඉදිකිරීම් කලේ කෙසේද​? මෙය වළලා දැමුවේ ඇයි?

ලොව පැරණිතම image 3

(Image source: s.ngm.com)

මෙම ප්‍රශ්නයට පිලිතුරු දෙන Schmidt, විශ්වාසකරන්නේ මෙය ඉදිකලේ කවුරුන් වුවත් ඔවුන් විසින් කෘෂිකර්මය ලොවට හදුන්වා දෙන ලද බවයි. ඊට හේතුව වන්නේ පැරණිම සත්ව හීලෑ කිරීම් හා වගා ක්‍රම මෙම ප්‍රදේශයෙන්ම හමුවීමයි. ප්‍රමාණවත් සාධක නොමැති වුවත්, මෙය වළලා දැමීමට හේතුව විය හැක්කේ, පූජනීය ස්ථානයක් වීමත් සතුරු උවදුරකින් ආරක්‍ෂා කරගැනීමත් බව ග්‍රැහැම් හැන්කොක් (Graham Hancock) නැමැති ගවේශකයා පවසා ඇත​​. අදටත් කැනීම් සිදුවන මෙම ස්ථානය, මානව ශිෂ්ටාචාර හා ඉදිකිරීම් සහස්‍රක ගනනාවක් අෑතට ගෙනයන සුවිශේෂී නිර්මාණයක් ලෙස ලොවපුරා ප්‍රසිද්ධව පවතී.

පසු සටහන​:

ක්‍රිස්තු පූර්ව 600 දී ග්‍රීසියේ නීති සම්පාදකයෙක් වූ සොලොන් (Solon) ඊජිප්තුවට ගිය අවස්ථාවකදී අසාමාන්‍ය කථාවක් සයිස් (Temple of Sais) නැමැති දේවස්ථානයක පූජකවරුන්ගෙන් අසන ලදී. මෙය පසුව ග්‍රීක දාර්ශනික ප්ලේටෝට දැනගන්නට ලැබුනු අතර, ඔහු එය ඔහුගේ Timaeus and Critias නැමැති සංවාදයේ දක්වන ලදී. එම කථාව​, සුවිසල් ජල ගැල්මක් හා භූමිකම්පාවක් නිසා (සුනාමි තත්වයක්) එක් දවසකින් සහමුලින්ම නැතිවී ගිය ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරය පිළිබඳවයි. මෙය සිදුවුනා යැයි පැවසෙන්නේ සොලොන් (Solon) ගේ කාලයෙන් වසර 9000 කට පෙරය​. එනම් අපේ කාලයෙන් 9600BC දීය​.

මූලාශ්‍ර: Magicians of the Gods, Graham Hancock සහ​ අන්තර්ජාලය.

මේ වගේ තවත් ලිපි | Read more like this

The post ලොව පැරණිතම දේවස්ථානය වන Göbekli Tepe appeared first on කළු කුහරය | Black Hole.

කළු කුහරය | Black Hole http://ift.tt/2iJPJYM




http://ift.tt/2nGjS0a
Visit our website to read more

Kommentit

Tämän blogin suosituimmat tekstit

ලොව​ බිහි වූ ඉතාමත් විශිෂ්ට විද්‍යාඥයන් දස දෙනෙක්

The FDA Fights Back Against Homeopathy

Modern human brain organization emerged only recently