පුලුවන් නම් විසදන්න

උදෑසන 8ට පමණ සෝෆීගෙ කාමරයට එන මේරීට කොපමන කතා කලත් සෝෆි දොර විවර කරන්නෙ නැත, බැරිම තැන උද්‍යාන පාලකගේ සහයෙන් දොර විවර කෙරේ. සෝෆිට හා උද්‍යාන පාලකට දකින්නට ලැබෙන්නෙ කාමරේ කන්ණාඩි මේසය අසල මියගොස් වැටී සිටි සෝෆිගෙ සිරුරයි. කාමරයේ දොර මෙන්ම ජනේලුත් ඇතුලතින් හොඳන් වසා ඇත. කිසිවෙකුත් පිටතින් පැමිනියා විය නොහැකිය. ජනෙල් වලටද ඩ්‍රිල් ගසා අැති අතර, ජනෙල් උඩ ඇති බීරලු අතර කුඩා හිඩැස ඇරෙන්නට වෙන කිසිම සිදුරක් හෝ නැත; කොටින්ම මිනිසෙක්ට ඇතුලු වීමට තරම් ප්‍රමාණයේ කිසිදු ඉඩක් කාමරයේ නැත, කාමරයේ විදුලි පහන් තවමත් දල්වා ඇත.

crime scene

පොලිස් නිලධාරීන් පැමිණ දේහය පරීක්ෂණ වලට රැගෙන යන ලදී. මරන පරීක්ෂණයේදී හෙලිවූයේ ගෙල පිටුපස ඇති දරුණු තුවාලයකින් වූ රුධිර වහනය මරනයට හේතුව බවයි. නමුත් තුවාලයක් කල හැකි කිසිදු ආයුධයක් කාමරේ නොවීය. පොලීසිය​ විවිධ පුදගලයන්ගෙන් ප්‍රශ්න ඇසීම කලේය.

මේරි:

මම ඊයේ රෑ ශොපින් ගියා සෝෆි එක්ක මොකද අද අපිට අපේ යාලුවෙක්ගෙ ගෙදර ඊවිනින් පාටි එකක් ඩිනරුත් අරන් අපි ආවෙ, සොෆී මාව ගෙදරට ඩ්‍රොප් කරද්දි හරියටම රෑ10 යි. මං හිතන්නේ සොෆී ගෙදර යන්න ඇති 10.15 ට වගේ, වැඩි දුරක් නැහැ එයාගෙ ගෙදරට මගේ ගෙදර ඉදන්. මම උදේම සොෆීගෙ ගෙදර ආවෙ එයා එක්කම ඉදලා ලෑස්ති වෙලා පාටි එකට යන්න, මං එනකොට උද්‍යාන පාලක තණකොල කපන්න ලෑස්ති වෙනවා. මේරිගෙ ගෙදර මෙහෙකාරිය එමා උයන ගමන් හිටියෙ, එයා තමා කිව්වෙ සෝෆි තාම නිදි කියලා. අයියෝ දොර ඇරියෙම නැහැ. මම උද්‍යාන පාලක ජෝන් එක්ක ගිහින් දොර කැඩුවා එතකොට තමා දැක්කෙ එයා මැරිලා ඉන්නවා 😓😓😓😓

මෙහෙකාරිය එමා:

සෝෆි නෝනා හරියටම රෑ 10.15 ආවෙ, එයා රෑ කෑම ගත්තා කිව්වා වොෂ් එකක් දාලා tv එකත් පොඩ්ඩක් බලලා 11ට වගේ කාමරේට ගියේ නෝනා වෙනදත් කාමරේට ගියත් නිදාගන්නෙ 12 පහු වෙලා. එදා මමත් 11ට නෝනා කාමරේට යද්දිම නිදාගන්න ගියා. සේවක කාමර තියෙන්නෙ ටිකක් ඈතට වෙන්න නිසා නෝනා කෑගැහුවත් අපිට ඇහෙන්නෙ නැහැ. හරියට එයා නැගිටින්නෙ උදේ 8.30ට, නැගිට්ට ගමන් තේ එක බොන්න එයාම කුස්සියට එනවා.

මිචෙල් සෝෆිගෙ පෙම්වතා:

අයියෝ මට නම් හිතාගන්න බැහැ මොකද උනේ කියලා, දන්න තරමින් එයාට තරහා කාරයො හිටියෙ නැහැ; මම බිස්නස් වැඩක් නිසා ඔය සිද්ධිය වෙනකොට පිටරට ගිහින් හිටියෙ.

ජෝන් උද්‍යාන සේවක:

මම තණකොල​ මැසිමට තෙල් ටික දානකොටමයි මේරි නෝනා ඇවිල්ල විස්තරේ කිවේ, මමයි ගිහින් දොර කැඩුවෙ පව් අහිංසක ගෑනු දැරිවි.

පොලිසිය ප්‍රශ්න කරන ලද තවත් කීපදෙනෙක් විය ඔවුන් අතර

 

  1. ඉදිරිපස ගෙදර ඩීන්, ඔහු ඉන්ජිනේරුවරයෙකු වන අතර සෝෆි සමග එතරම් හිතවත්කමක් නැත. ඔහු විවාහයක අයෙක් නොවේ.
  2. එහාපැත්තෙ ගෙදර මීෂන් ඔහු තරුණයෙකු වන අතර කලින් හමුදා නිලධාරීයෙකු වී පසුව ඔහුගේ පියාගෙ මරණයෙන් පසුව හමුදාවෙන් විශ්‍රාම ගෙන පියාගෙන් හිමිවූ මසුන් මරන බෝට්ටු හා උපකරණ පාලනය කරමින් ජීවත් වේ. ඔහු විවාහක වන අතර බිරිද සතියක පමණ සිට අැත්තේ මවගේ නිවසෙයි, ඔහු සෝෆී සමග තරමක් හිතවත් අයෙකි.
  3. සෝෆිගේ ලගම නෑදෑයා ඇයගේ නිවසේ සිට 4km දුරින් සිටින සෝෆිගේ මවගේ මල්ලි හාන්ස් ඔහු බැංකු කලමනාකරුවෙකි
  4. කෝලි මීට මාස කිහිපයකට පෙර සෝෆිලාගෙ ගෙවල් අසල ගෙවල් දෙකකින් හොරකම් කර පොලිසියට අසුවූ සොරාය.

මොවුන් සියලු දෙනාම පවසා ඇත්තේ රාත්‍රී 11 වන විට ඔවුන් නින්දට ගොස් සිටි බවය.

මිනීමරුවා මේ අයගෙන් කෙනෙකි. මිනීමරුවා කවුද? ඔහු මිනීමැරුම කරේ කෙසේද? සිද්ධිය සිදුවූ ආකාරය සමග පැහැදිලි කරන්න.

The post පුලුවන් නම් විසදන්න appeared first on කළු කුහරය | Black Hole.

කළු කුහරය | Black Hole http://ift.tt/2mn1FBQ




http://ift.tt/2CXXPIO
Visit our website to read more

Kommentit

Tämän blogin suosituimmat tekstit

ලොව​ බිහි වූ ඉතාමත් විශිෂ්ට විද්‍යාඥයන් දස දෙනෙක්

The FDA Fights Back Against Homeopathy

Modern human brain organization emerged only recently