ලොව බිහි වූ ඉතාමත් විශිෂ්ට විද්‍යාඥයන් දස දෙනෙක්
ලොව බිහි වූ ඉතාමත් විශිෂ්ට විද්‍යාඥයන් දස දෙනෙකුගෙන් කෙනෙකු වීම ඉතාමත් අසීරු කාර්‍යයකි
මෙම ලැයිස්තුවට අැතුලත් විය යුතු ලොව බිහි වූ ඉතාමත් විශිෂ්ට විද්‍යාඥයන් බොහොමයක් අැත, නමුත් මෙම දස දෙනා ගැන පලමුවෙන්ම විස්තර කරන්න කැමතියි.
මේ සියලු දෙනාම ලෝකයේ නොයෙකුත් රටවල් වලින් තෝරගත් අය වේ. ඔවුන් එකිනෙකාට දෙවෙනි නොවන අයුරින් විද්‍යාත්මක සමාජයට විශාල මෙහවරක් කර ඉටු අැත.
Timothy Berners-Lee
(image source: wikimedia.org)
වර්ල්ඩ් වයිඩ් වෙබ් “the world wide web” නිමැවුම්කරු මේ ලැයිස්තුවේ නිසැකයින්ම සිටිය යුතු කෙනෙකි. මොහු බි‍්‍රතාන්‍ය ජාතික පරිගණක විද්‍යාඥයෙකි. එංගලන්ත එලිසබෙත් මහ රැජිණ (Queen Elizabeth II) මොහුගේ සේවය වෙනුවෙන් නයිට්වරයකු ලෙසද නම් කර අැත. හයිපර් ටෙක්ස්ට් (Hypertext) යෝජනාව තිමොති විසින් ඉදිරිපත් කල වර්ල්ඩ් වයිඩ් වෙබ් තුල ප්‍රධාන ප්‍රතිෂ්ඨාවකි. තිමොති ලොව පලමු වෙබ්සයිට් එක 1991 වර්ශයේදී සෑදුවේය.
Stephen Hawking
(Image source: biography.com)
ලොව බිහි වූ දැනට ජීවත් වන් ඉතාමත් ප්‍රසිද්ධ, සෑම් කෙනෙකුම වගේ දන්න කෙනෙක් තමා ස්ටීවන් හෝකින් කියන්නේ. ඔහු වඩාත්ම ප්‍රසිද්ධ වන්නේ ඔහු විසින් බිග් බෑන් සිද්දාන්තය, කළු කුහර හා සාපේක්‍ෂතාව අවබෝධ කර ගෑනිමට කල මෙහෙවර නිසාය. “A Brief History of Time” කියන කෘතිය මොහු විසින් රචනා කර අැත.
Jane Goodall
(Image source: wikimedia.org)
මෙතුමිය බි‍්‍රතාන්‍ය ජාතික primatologist වේ. අැය ලොව බිහි වූ ප්‍රමුඛම චිම්පන්සි පිළිබඳ විශේෂඥයකු ලෙස හදුන්වයි. අැය විසින් වනගත චිම්පන්සීන්ගේ සමාජයික හා පවුල තුල වන අන්තර් ක්‍රියා පිළිබඳ අවුරුදු 55 කාලයක් අධ්‍යයනය කර තිබේ. Jane Goodall Institute හි ආදිකර්තෘ වන මෙතුමිය විසින් සංරක්‍ෂණය, ජෛව විවිධත්වය හා එවැනි පරිසර විපර්‍යාසය වෙනුවෙන්ද කතා කරනවා.
Alan Guth
(Image source: wikimedia.org)
මොහු ඇමෙරිකානු ජාතික තර්කාත්මක භෞතික විද්‍යාඥයෙකු වේ. විශ්ව උද්ධමනය (theory of cosmic inflation) මොහු විසින් නිර්මාණය කර අැති අතර් ඔහු Fundamental Physics Prize හා Kavli Prize ද දිනා අැත.
Ashoke Sen
(Image source: blogs.nature.com)
ඉන්දියානු ජාතිකයකු වන මොහුද තර්කාත්මක භෞතික විද්‍යාඥයෙකු වේ. මොහු විසින්ද Fundamental Physics Prize 2012 වර්ශයේදී දිනා අැති අතර ඔහු string theory ((field-changing research)) ට ඉමහත් සේවයක් ඉටු කර අැති බැවින් මොහුද ලොව බිහි වූ විශිෂ්ටයකු ලෙස සලකයි.
James Watson
(Image source: nobelprize.org)
ජේම්ස් වොට්සන් කියන්නේ අැමරිකානු ජාතික අණුක හා ජාන ජීවවිද්‍යාඥයෙක්. ඔහු වඩාත් ප්‍රසිද්ධ වන්නේ double helix structure of the DNA සොයා ගැනීමට සහය වුන නිසයි, ඒ සම්බන්ධව ඔහුට නොබෙල් ත්‍යාගයද පිරිනමා අැත.
Tu Youyou
(Image source: i.guim.co.uk)
මෙතුමියට තමා ලොව පලමුවෙන්ම චීන ජාතිකයෙකු වශයෙන් නොබෙල් ත්‍යාගය පිරිනැමුවේ 2015 වර්ශයේදී. අැයගේ සහයෙන් නිපදවූ ප්‍රතිමැලේරියා ඖෂධය (anti-malaria drug) නිසා බොහොමයක් ආසියානු හා අප්‍රිකානු අයගේ ජීවිත බේරුනා.
Noam Chomsky
(Image source: wikimedia.org)
අැමරිකානු භාෂාවේදි හා දේශපාලන ක්‍රියාවාදියකු වන මොහු නොයෙකුත් ක්‍ෂේත්‍ර වලින් ලෝකයට උපකාර වෙලා තියෙනවා. ඔහුව “the father of modern linguistics” ලෙසද හදුන්වනචා. මීට අමතරව ඔහු the field of cognitive science හි ආදිකර්තෘ වරයකුද වනවා.
Shinya Yamanaka
(Image source: nobelprize.org)
මොහු ජපාන ජාතික නොබෙල් ත්‍යාග ලාබී stem cell පර්‍යේෂකයකු වනවා. මොහුට 2012 වර්ශයේදී නොබෙල් ත්‍යාගය හිමි උන අතර 2013 වර්ශයේදී ජිවින විද්‍යා ක්‍ෂේත්‍රයෙන්ද ඩොලර් මිලියන 3ක් වටින ත්‍යාගයක් හිමි උන ලොව බිහි වූ තවත් එක් විශිෂ්ටයෙකි.
Elizabeth Blackburn
(Image source: nobelprize.org)
මෙතුමිය ඕස්ටේරිලියානු හා අැමරිකානු ජාතික අණුක ජීවවිද්‍යාඥයකු වනවා. අැයට 2009 වර්ශයේදී anti-aging පිළිබඳ කල පරීක්‍ෂණ නිසා නොබෙල් ත්‍යාගය පිරිනමා අැත. අැයගේ දායකත්වයෙන් telomerase නැමැති එන්සයිමය සොයා ගෙන අැත.
මේ වගේ තවත් ලිපි | Read more like this
The post ලොව බිහි වූ ඉතාමත් විශිෂ්ට විද්‍යාඥයන් දස දෙනෙක් appeared first on කළු කුහරය | Black Hole.
කළු කුහරය | Black Hole http://ift.tt/2BNtCrQ
http://ift.tt/2kbw4kJ
Visit our website to read more
Kommentit
Lähetä kommentti