පුනර්ජනනය, අවයව ප්‍රතිජනනය අත ළඟ

පුනර්ජනනය image 1

හදිසි අනතුරක් නිසා ඔයාගෙ අත වැලමිට ළඟින්ම කැපිල යනවා කියලා හිතන්න, එහෙම නැත්නම් කකුල කැපිල යනවා. දැන් ඔයා මුළු ජීවිත කාලෙම අර අත් කොටේ කකුල් කොටේ එල්ලගෙන ජීවත් වෙන්න ඕනෙද? ඇයි මේවා ආයෙ වවන්න බැරි? අවයව පුනර්ජනනය (Regeneration) කරන්න බැයිද? අඩු ගානෙ බද්ධ කරන්නවත්. බද්ධ කිරීමේ තියෙන අපහසුතා ගැන අමුතුවෙන් කියන්න ඕන නැති නිසා අපි ඒක කතා නොකර ඉමු. ඒත් ඇයි අපේ කැපිච්ච අත පය ආයෙ වැවෙන්නෙ නැත්තේ. විද්‍යාඥයන්ගේ හිතට තවත් කරදර දෙන ප්‍රශ්නයක් තමයි සලමන්දරාවො. සලමන්දරාවෙන් කරන උගේ ගාත්‍රයක් කපල දැම්මම ටික ටික ඒක නැවත වැඩිලා කකුල ආයෙ හැදෙනවා. ඇයි අපට මෙහෙම නොවෙන්නෙ? ඒක කෘතිමව ප්‍රේරණය කළ නොහැකිද? මේකයි ප්‍රතිජනන වෛද්‍ය විද්‍යාවේ ආරම්භය.

පුනර්ජනනය ස්වභාවිකව සිදුවන ජනප්‍රියම උදාහරණයක් තමයි ප්ලැනේරියා (Planaria) කියන්නෙ. මේ සත්වයා අපට විදි 23 කට කපල බැලුවත් මුළු ශරීරයම පුනර්ජනනය වෙනවා. ඒ වගේම එකයිනොඩර්මේටාවන් (Echinodermata) අතරත් මෙය දැකගත හැකියි.

මෙතනදී විද්‍යාව හා තාක්ෂණය දෙකට බෙදෙනවා. අපේ සෛල වල ප්‍රතිජනන ශක්‍ය තාව පරිණාමයේදි අහිමි වී ගොස් හෙපටො සයිට වලට පමණක් සීමා වීමත් එසේ අහිමි වී යන ආකාරයත් ඊට හේතුට්ත් අටුවා ටීකා ලියා ප්‍රසිද්ධ කොට තහවුරු කිරීම මේ හා සම්බන්ධ විද්‍යාවයි. කැපුණු අතක් හෝ කකුලක් ඇති අයෙකුගේ එම අවයව හෝ වෙනත් අභ්‍යන්තර අවයවයක් නැවත ජනනය කිරීමේ විද්‍යාත්මක ගමන් පථය මේ හා සම්බන්ධ තාක්ෂණයයි. විද්‍යාව ඉතාම ඉහළ තත්වයකට පැමිණ තිබුනත් එම විද්‍යාව තාක්ෂණය බවට පරිවර්තනය කිරීම මෙහි ඇති බාධකයයි. නමුත් දැන් එම බාධකය නිල වශයෙන් තරණය කර අවසානයි.

අවයව ප්‍රතිජනනය (පුනර්ජනනය) දෙකොටසකට බෙදිය හැකියි

  • අදාල අවයවය පුද්ගලයාගේ ශරීරය මතම වැවෙන්නට සැළස්වීම.

මෙහිදී එම අවයවය පවතින ස්ථානයේම වැවෙන්නට සැලස්වීම හා ශරීරයේ වෙනත් ස්ථානයක වැවෙන්නට සලස්වා ප්‍රතිසන්විධාන ශල්‍ය කර්ම කිරීම ලෙස උප කොටස් දෙකකට බෙදිය හැකියි. මෙය වර්තමානයේ සිදු කරන උසස්ම ජෛව තාක්ෂණික ක්‍රමවේදයක්

  • අවයවය කෘතිමව අදාල පුද්ගලයාගෙන් ලබාගත් සෛල මගින් බාහිරව වැවෙන්න සලස්වා බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් සිදු කිරීමයි. මෙහිදී අදාල අවයවය වෙනත් සත්වයෙක්ගේ ශරීරය මත හෝ තුළ (ඌරා, මීයා) වැවීම සහ කෘතිම අච්චුවක ප්‍රති නිර්මාණය කිරීම ලෙසත් උප කොටස් වලට බෙදිය හැකියි.

ඇලෙක්සිස් කැරෙල් ප්‍රති ජනනීය වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස හඳුන්වනවා. ඔහු මේ දෙවන ක්‍රමය සාර්ථකව ආරම්භ කොට නොබෙල් ත්‍යාගය පවා ලබා ගත් අයෙක්. වර්තමානයේදි විශේෂයෙන්ම බාහිර අවයව ප්‍රතිනිර්මාණය කිරීම සඳහා සුවිශේෂී අච්චු වලට අදාල පුද්ගලයාගෙන් ලබාගත් සෛල මෞලික සෛල බවට පත් කරමින් ඒවා නිශ්චිත රටාවකට වැවීම ප්‍රේරණය කිරීම සිදු කරනවා. මෙමගින් විශේෂයෙන්ම මූත්‍රාශය, හෘදය වැනි සරල අවයව දැන් නිර්මාණය කර අවසානයි, නමුත් වකුගඩු වැනි සංකීර්ණ අවයවයන් නිර්මාණය කිරීම තවමත් අසීරු තත්වයක පවතිනවා.

තමාගේම සෛලවලින් ප්‍රතිනිර්මාණය නොකළ වෙනත් අයෙකුගේ අවයවයක් ශරීරයට බද්ධ කිරීමේ අති විශාල ගැටළු පවතිනවා. ඒවා පාලනය කිරීමට හැකියාව ඇත්තේ ප්‍රතිශක්ති මර්දනක ඖෂධ වල අනුහසිනුයි. එහෙත් ඒවා පවත්වාගෙන යාමටත් අනුන්ගේ අවයවයක් තම ශරීරයෙන් ප්‍රතික්ෂේප වීම වැළක්වීමටත් දිගටම ප්‍රතිශක්ති මර්දනය සිදු කිරීම අවශ්‍ය වෙනවා. නමුත් දැන් තවදුරටත් මේ බද්ධ කිරීම් අවශ්‍ය වන්නේ නෑ ඒවා යල් පැන යන දිනය අත ළඟයි.

පුනර්ජනනය image 2

(Image source: cnn.com)

අච්චු මගින් ත්‍රිමාණ මුද්‍රණය වෙනුවට අවයවය ඌරෙකුගේ ශරීරය තුළ වැවෙන්නට සැලස්වීම බහුලව සිදු කෙරුණත් මෙහි ඇති බාධකය නම් ඌරා මිනිසාට වඩා වේගයෙන් වයස්ගත වීම හේතු කොටගෙන අවයවයන්ගේ වර්ධක අවස්ථාවේ පැන නගින ගැටළුවයි. නමුත් මේ සියල්ල අවයවය මිනිස් ශරීරය මතම නිර්මාණය කිරීමෙන් විසඳී යනවා. ඔබේ නැති වූ කණ හෝ නාසය වැනි ඒකාකාරී සරල අවයවයක් ඔබගේ අතේ හෝ කකුලේ (රෝම කූප රහිත ස්ථානයක විය යුතුය. රෝම කූප ඇති තැනක වැවීම ඉතා අසීරුය) වර්ධනය කර එය නිසි ස්ථානයේ ප්‍රතිස්ථාපනය කිරීම අද බහුලව සිදු කරන සුලබ ශල්‍ය කර්මයක් වෙලා. නමුත් අපට හැකි නම් ඕනෑම අවයවයක් අදාල ස්ථානයේදිම පුනර්ජනනය කරන්නට. එය චිර ජීවනය කරා යන ගමනේදි ප්‍රධාන සන්ධිස්ථානයක් වනු නො අනුමානයි.

පුනර්ජනනය image 3

(Image source: theguardian.com) Finger which grew back after ‘pixie dust’ treatment. Photograph: Lee Spievack/Al Behrman/AP

2008 දි යාන්ත්‍රික ඉන්ජිනේරුවෙකු වූ Lee Spievack ගේ ඇඟිල්ලක් යාන්ත්‍රයකට හසු වී කැපී යනවා. ඔහුගේ සහෝදරයා වුණු ප්‍රතිජනන වෛද්‍ය පර්යේෂකයෙකු වන Alan Spievack ඔහුගෙ සොයුරාට දිනපතා තුවාලයේ ආලේප කිරීමට එක්තරා (මැජික්) පවුඩර් එකක් දෙනවා. මෙහි තිබෙන්නේ මාන්ව මෞලික සෛල බව නොදන්න නමුත් තම වෛද්‍ය සොහොයුරා විශ්වාස කරන මොහු එය ආලේප කරනවා. ගත වුණේ සති 4 යි. ඇඟිල්ල සම්පූර්ණයෙන්ම වැවෙනවා, කලින් තිබුණු දිගටම, ඇඟිල්ලේ කෙළවරින් නියපොත්තත් හරියටම එනවා. සති හතරකින් ප්‍රතිජනනය සාර්ථකයි.

අපේ ශරීරය program වෙලා තියෙන ආකාරය අනුව ඇඟිල්ල වැඩෙන්න ඕන කුමන දිගකටද? නියපොත්ත එන්න ඕන කුමන තැනටද කියලා අමුතුවෙන් දත්ත ලබා දීමක් කළ යුතු නැහැ. එයයි ඉතාම සතුටට කරුණ, මේ ක්‍රමවේදය මිනිසුන් භාවිතා කොට අත් හදා බැලීම ඉතාම පරීක්ෂාකාරීව සිදු කළ යුතු ක්‍රියාවක්. ඒ වගේම නවීන අන්තයේ පවතින නිසා මේ ගැන පවතින රහස් වැඩියි. එහෙත් ඒ සියල්ල ඉතා ඉක්මනින් විසඳී ප්‍රතිජනන වෛද්‍ය විද්‍යාවේ සුවිශේශ පෙරළියක් නුදුරේදිම සිදු කරන බව නම් නොඅනුමානයි.

Acknowledgement: Prof: Suwan Jayasinghe, University College London.

මේ වගේ තවත් ලිපි | Read more like this

The post පුනර්ජනනය, අවයව ප්‍රතිජනනය අත ළඟ appeared first on කළු කුහරය | Black Hole.

කළු කුහරය | Black Hole http://ift.tt/2kK3ib3




http://ift.tt/2BHQTif
Visit our website to read more

Kommentit

Tämän blogin suosituimmat tekstit

ලොව​ බිහි වූ ඉතාමත් විශිෂ්ට විද්‍යාඥයන් දස දෙනෙක්

The FDA Fights Back Against Homeopathy