ඔබේ පරිගණකය විශ්වාසවන්තද​?

ඔබේ පරිගණකයට විදාන දිය යුත්තේ කවුරුන්ද? බොහෝ දෙනෙක් සිතන්නේ තමන් ගේ පරිගණකය, වෙන පුද්ගලයෙකුට අවනත නොවී තමන්ට අවනත විය යුතු බවයි. “විශ්වාසනීය පරිගණක භාවිතාවක්” හෙවත් “Trusted computing” ලෙස ප්‍රකාශ කරන චිත්‍රපට නිෂ්පාදක හා සංස්කාරක ආයතන, මයික්‍රොසොෆ්ට් හා ඉන්ටෙල් වැනි පරිගණක සමාගම් සමග එක්ව, සැලසුම් සහගතව ඔබගේ පරිගණකය ඔවුන්ට අවනත කරගැනීමට කටයුතු කරයි. මේ සදහා බොහෝවිට යොදා ගන්නේ Proprietary software නැතහොත් හිමිකාරිත්වය වෙනත් පුද්ගලයෙකුට හෝ සමාගමකට ඇති මෘදුකාංග වේ.

Proprietary software - cancel-netflix

(Image source: www.fsf.org)

Proprietary මෘදුකාංග (Proprietary software) යනු ඔබට සම්පූර්ණ පාලනයක් හිමි නොවන මෘදුකාංගයි

තවදුරටත් අර්ථ දැක්වුවහොත්, ක්‍රමලේඛනය කර ඇති ආකාරය අධ්‍යනය හෝ සංස්කරණයට හැකියාව අවහිර කර ඇති මෘදුකාංග වේ. මෙම ස්වභාවය උපයෝගී කරගෙන, තමන් ගේ පාරිභෝගිකයන්ට අවභාවිතයට ගන්නට සුවිසල් සමාගම් පෙලබීම පුදුමයට කරුනක් නොවන්නේ එය සැබැවින්ම දක්‍ෂ ව්‍යාපාරික ක්‍රමයක් නිසාය. මයික්‍රොසොෆ්ට් ආයතනය මෙවැනි කටයුතු අවස්ථා කිහිපයකදී සිදුකර ඇත. වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතියේ එක් සංස්කරණයක, ඔබගේ පරිගණකයේ ස්ථාපිත කර ඇති මෘදුකාංග පිලිබද වාර්තා කිරීමට සැලසුම් කිරීම, වින්ඩෝව්ස් මීඩියා ප්ලෙයර් (Media Player) මෘදුකාංගයේ යාවත්කාල කිරීමකදී (security updates) පරිශ්‍රීලකයාට යම් යම් සීමා කිරීම් වලට එකගවීමට සිදුවීම දැක්විය හැක. මයික්‍රොසොෆ්ට් සමාගම පමණක් නොව, KaZaa music-sharing මෘදුකාංගය ද සැලසුම් කර ඇත්තේ ඔවුන් ගේ ව්‍යාපාරික හවුල්කරුවන් ගේ ගණුදෙනු කරුවන්ට ඔබගේ පරිගණකය කුලියට දීමට හැකිවන පරිදිය. ඉතින් මෙම පරිගණකයේ පාලනය අතට ගන්නා අංගය (malicious features) පිළිබඳ දැනගෙන සිටියත්, මෘදුකාංගයේ කේතය (source code) ඔබ සතුව නොමැති නිසා එම අංගය ඉවත් කිරීමට ඔබට ඉතා අසීරු වේ.

මෙම සිදුවීම් සියල්ල තනි තනිව හදුනාගත් අවස්ථා පමණි.

“විශ්වාසනීය පරිගණක භාවිතාවක්” (“Trusted computing”)

යන යෙදුමට වඩා යෝග්‍ය වන්නේ

“විශ්වාස නොවන පරිගණක භාවිතාවක්” (“Treacherous computing”)

යන යෙදුමය. ඊට හේතුව, මෘදුකාංග සැලසුම නිර්මාණය කරන්නේම පාරිභෝගිකයාට සිය පරිගණකය අවනත නොවන පරිදිය. සත්‍යවශයෙන්ම පවසනවානම්, ඔබගේ පරිගණකය පොදුවේ ඕනැම වැඩක් සදහා යොදා ගැනීම අවහිර කර ඒ සදහා විශේෂ අවසරයක් ලබාගතයුතු තත්වයට පත් කරයි.

විශ්වාස නොවන පරිගණක සදහා තාක්‍ෂනික ලෙස පාදක වන්නේ, digital encryption, signature device සහ keys, ඔබෙන් සගවා තැබීමෙනි. (මයික්‍රොසොෆ්ට් මෘදුකාංග මෙය “palladium” ලෙස හදුන්වයි). Proprietary මෘදුකාංග ඔබට භාවිතා කලහැකි අනෙකුත් මෘදුකාංග මොනවාද යන්න තීරණය කරයි, කුමන ආකාරයේ දත්ත හා ලිපි භාවිතා කල හැකිද යන්න හා ඒව යැවිය හැකි මෘදුකාංග මොනවාද යන්නද තීරණය කරයි. මෙවැනි මෘදුකාංග නිතරම අන්තර්ජාලය හරහා තමන් ගේ සැගවුනු මෙහෙයුම් යාවත් කාල කරගන්නා අතර එය ඔබගේ කටයුතුවලට සැනෙකින් බලපවත්වන පරිදි ක්‍රියාකරයි. ඔබ වුවමනාවෙන්ම එම යාවත්කාල කිරීම් අවහිර කලහොත්, එම මෘදුකාංගයේ සමහර අංගද ක්‍රියාකිරීම නවත්වා ඔබගේ කටයුතුවලට භාදා ඇතිකරයි.

මයික්‍රිසොෆ්ට් වැනි මෘදුකාංග නිෂ්පාදන ආයතන පමනක් නොව, චිත්‍රපට නිෂ්පාදනය හා සංස්කරණය කරන ආයතනද, විශ්වාසවන්ත නොවන පරිගණක භාවිතය DRM (Digital Restrictions Management) හරහා සිදුකරයි. මෙහිදී බාගත කරගන්නා වීඩියෝ දර්ශන සහ සංගීත, එක් පරිගණකයක පමණක් දාවනය කල හැකිවන පරිදි සකස් කර ඒවා බෙදාගැනීම අවහිර කරයි. මෙම බෙදාගැනීමේ වලක්වන ක්‍රමය තවත් උග්‍ර තත්වයකට පත් වන්නේ, ඒවා විද්‍යුත් තැපැලට හා පරිගණක ගොනු සදහාද යොදා ගත් විටයි. මෙහි ප්‍රථිපලයක් ලෙස, තාවකාලිකව වලංගු විද්‍යුත් ලිපි හා එක් පරිගණකයක පමනක් භාවිතා කල හැකි ගොනු දැක් විය හැක. සිතන්න, ඔබට, ඔබගේ කර්‍යාල ප්‍රධානියාගෙන් විද්‍යුත් ලිපියක් මගින් යම් අනතුරුදායක කටයුත්තක් හෝ නිතිවිරෝදී කටයුත්තක් කිරීමට විධානයක් ලැබුනු බව, නමුත් පසුකාලයකදී එම කටයුත්තට ඔබව හසුවූ විට, එම විද්‍යුත් ලිපිය කියවීමට නොහැකි වන පරිදි අවලංගු වී ඇත්නම්, ඔබ විධානයක් අනුව කටයුතු කල බව ඔප්පුකිරීමට නොහැකි වී යයි. ඒවාගේම, ඔබට ආයතන ප්‍රධානියාගෙන් නව ප්‍රතිපත්ති සංශෝධනයක් ලැබුනුවිට, එහි ඇති යම් නිතිවිරෝධී කරුණු හෙලිදරව් කිරීමට තුන්වන පර්ශවයක්ට යැවීමට නොහැකිවී යයි. ඊට හේතුව එම ගොණුව තුන්වන පාර්ශවයේ පරිගණකයේ විවෘත කිරීමට නොහැකි නිසාය. මේ කරුණු කාරනා නිසා විශ්වාස නොවන පරිගණක භාවිතාව දූෂිත ක්‍රියා සදහා තෝතැන්නක් වෙයි.

මයික්‍රොසොෆ්ට් වර්ඩ් වැනි වර්ඩ් මෘදුකාංග මගින් ගොනුවක් සුරකිමේදී මෙම තත්වය උද්ගත වේ

එහිදී, වෙනත් වර්ඩ් මෘදුකාංග මගින් එම ගොනුව විවෘත කිරීම වැලැක්වේ. එවිට නිදහස් මෘදුකාංග ශිල්පීන් හට ඉතා අසීරු පරිශ්‍රමයක් දරා මෙම සුරක්‍ෂිත වන ගොනුවේ රහසිගත ආකෘතිය (format) හදුනාගැනීමට සිදුවී ඇත (උදා: LibreOffice). එසේ නොවන්නට, නිදහස් මෘදුකාංගයකින් මෙම ගොනු විවෘත කිරීමට නොහැකිවේ. ඊට අමතරව, ගොනුව සුරකින විට එන්ක්‍රිප්ට් (encrypt) කලහොත්, නිදහස් මෘදුකාංග ශිල්පීන්ට එම ගොනුව කියවීමට අවස්ථාවක් නොමැති අතර, අවස්ථාවක් ලැබුනද Digital Millennium Copyright Act නිසා එවැනි මෘදුකාංග නිර්මාණයට අවසරද නැත.

විශ්වාස නොවන පරිගණක භාවිතාව යොදාගන්නා මෘදුකාංග, නිතරම තමන් ගේ මෙහෙයුම් විධාන හා අවසර ලබාදීම් අන්තර්ජාලය ඔස්සේ යාවත් කාල කරගන්නා අතර ඒව ස්වයන්ක්‍රීයව ක්‍රියාත්මක කිරීමද සිදුකරයි. මයික්‍රොසොෆ්ට් ආයතනය හෝ එක්සත් ජනපද ආණ්ඩුව, ඔබ ලියන ලද ලිපියේ අඩංගු කරුණුවලට අකමැතිනම්, ඔවුන්ට ඔබේ පරිගණකයට නව උපදෙස් මාලාවක් ලබා දී ඔබේ ලිපිය අවහිර කිරීමට කටයුතු කර ඔබට යම් නිවේදනයක්ද ලබාදෙනු ඇත.

“Your writing would be subject to 1984-style retroactive erasure.”

free software campaign

නිදහස් මෘදුකාංග ප්‍රවර්ධනය හා දැනුවත් කිරීමේ වැඩසටහනක් (Image source: www.fsf.org)

වර්තමානයේ, ඔබට Proprietary software භාවිතයෙන් ඉවත්ව, මෙම විවිධ වාරණ වලින් මිදීමට හැකියාව ඇත. GNU/Linux වැනි නිදහස් මෙහෙයුම් පද්ධති හා නිදහස් මෘදුකාංග භාවිතා කර ඔබේ පරිගණකයේ පූර්ණ පාලනය ඔබ සතු කරගැනීමට අවස්ථාව ඇත. ඒවාගේම, නිදහස් මෘදුකාංග, නිදහස් නොවන මෙහෙයුම්පද්ධති  (Windows/Macintosh OS) මත භාවිතා කිරීමෙන්,  යම්තාක් දුරට ඔබේ පරිගණකයේ පාලනය ඔබ සතු කරගත හැක.

තත්වය එසේ වුවද, යම් අවස්ථා වලදී නිදහස් මෙහෙයුම් පද්ධති පරිගණකයේ ස්ථාපිත කිරීමට අවකාශයක් නොමැත. ඒ සදහා යම් ආයතන මගින් විශේෂ අවසරයක් ලබා ගතයුතුවෙයි. තවත් අවස්ථා වලදී අනෙකුත් නිදහස් මෘදුකාංගද ස්ථාපනය කිරීම, නිදහස් නොවන මෙහෙයුම් පද්ධති මගින් අවහිර කරන අතර, එවිට ස්ථාපනය සදහා අදාල ආයතනයෙන් අවසර ගැනීමටද සිදුවෙයි. මෙය උල්ලංඝනය කිරීම පරිගණක අපරාධයක් ලෙසද සලකනු ලැබේ.

රිචර්ඩ් ස්ටෝල්මාන් ගේ රචනාවක පරිවර්තනයකි.

Originally written in 2002, this essay is from Free Software, Free Society: Selected Essays of Richard M. Stallman, 2nd ed. (Boston: GNU Press, 2004), ISBN 1-882114-99-X, http://www.gnupress.org.

මේ වගේ තවත් ලිපි | Read more like this

The post ඔබේ පරිගණකය විශ්වාසවන්තද​? appeared first on කළු කුහරය | Black Hole.

කළු කුහරය | Black Hole http://ift.tt/2EjpjXp




http://ift.tt/2pWv0ag
Visit our website to read more

Kommentit

Tämän blogin suosituimmat tekstit

ලොව​ බිහි වූ ඉතාමත් විශිෂ්ට විද්‍යාඥයන් දස දෙනෙක්

Jack the ripper අභිරහස් ඝාතකයා