ඩෙංගු රෝගය ගැන පොඩි විස්තරයක්
ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් බෝවන රෝගයක් වන අතර ආසාදිත මදුරුවෙකු වාහකයෙක් ලෙස ක්‍රියා කරයි. මේවා ව්‍යුහයෙන් ඉතා සමාන වූවත් රෝගය බෝ කිරීමේදී වෙනස් වෛරසයන් ක්‍රියා කරයි. (DEN 1, DEN 2, DEN 3, DEN 4) ඩෙංගු අසාදනය නිසා ඇතිවන රෝග තත්වයන් ඉතා විශාල පරාසයක් තුල විහිදෙන අතර සමහර පුද්ගලයන් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්නන අතර තවත් කොටසකට රෝග ලක්ෂණ ඇතිවේ. රෝග ලක්ෂණ සහිත අයගෙන් වැඩි ප්‍රමාණයකට සාමාන්‍ය වයිරස් උණ තත්වය, ඩෙංගු උණ හෝ අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත ඩෙංගු රක්තපාත උණ තත්වයක් ඇතිවිය හැක. ඩෙංගු රෝගය නිසා වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ඩෙංගු උණ හා රක්තපාත තත්වය වන අතර අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත රෝගී තත්වයන් ඉතා කලාතුරකින් ඇතිවේ.
ඩෙංගු උණ රෝගයෙදී එක්වර ඇතිවන
- තද උණ
- අධික හිසරදය
- ඇස පිටුපස වේදනාව
- හන්දිවල හා පේශිවල වේදනාව
බොහෝ දුරට ඇතිවන අතර සමහර රෝගීන්ට රතු පැහැති විහිදුන ස්වභාවයේ දද සහ සමහර අවස්ථාවලදී ලේ ගැලීමේ තත්වයන් (විදුරුමහෙන්, නාසයෙන්, ශ්ලේෂ්මල පටල හා සමෙන්). ඩෙංගු රක්තපාත උණ, ඩෙංගු ආසාදනයේ තීව්ර රෝගී තත්වයක් වන අතර ඉතා කුඩා සංඛාවක් රෝගීන් හට මෙම තත්වය ඇතිවේ. ඩෙංගු රක්තපාත උණ රෝගයේදී බොහෝ විට පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකි අවධි 3ක් ඇති අතර ඒවා නම්,
උණ සහිත අවදිය
මෙම අවදියේදී දින 7කට අඩුවෙන් පවතින අතර තද උණ සහිත කාලයක්ද වේ.
අවදානම් අවදිය
අවදානම් අවස්ථාව ආරම්භ වනුයේ තරලය කාන්දු වීම පටන් ගැනීමත් සමග සහ සාමාන්‍යයෙන් උණ බැස යනවත් සමගය. මෙම තත්වය දින 1-2 අතර කාලයක් පවතින අතර කලින් හඳුනා ගෙන අවශ්‍ය උවැටන් නොකිරීමෙන් රෝගියා කම්පන තත්වයට පවා පත් විය හැක.
සුවවන අවදිය
දින 2-5 ත් අතර කාලයක් පවතින අතර මේ කාලයේදී රෝගියාගේ කෑම රුචිය වර්ධනය වේ, හෳද ස්පන්ධනය අඩුවේ. සුවවන අවස්ථාවට විශේෂිත වූ ලප (රතු පැහැති පසුබිමේ සුදු පැහැයේ ලප) බොහෝ විට ශරීරය පුරා කැසීමක්ද සමග දක්නට ලැබේ. (අත්ලේ හා පතුලේ වැඩි වශයෙන් ඇත). මුත්‍ර වැඩිවශයෙන් පහ වීමක්ද මේ අවස්ථාවේ සිදු විය හැක. රෝගියා පහත සඳහන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් (විශේෂයෙන්ම උණ බැස යන අවස්ථාවේ) අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.
නොනවත්වා වමනය කිරීම බඩේ කැක්කුම තද පිපාසය අධික නිදිමතබව හා සිහිමද ගතිය ආහාර ප්‍රතික්ෂේප කිරීම අසාමාන්‍ය ලේ ගැලීම් තත්වයන් උදා: ඔසප් චක්‍රයෙදී අධික ලෙස රුධිර වහනයක් සිදුවීම, නියමිත කාලයට පෙර ඔසප් චක්‍රය සිදු වීම රෝගියා පහත සඳන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. අත් පා සුදුමැලි හා සීතල බව නොසන්සුන්බව හා කලබලකාරී බව සමේ පැහැය වෙනස් වීම මුත්‍ර පිට නොවීම හෝ මුත්‍ර පිට වීම අවම වීම හැසිරීමේ වෙනස් කම් (සිහිමද ගතිය හා අසභ්‍ය වචන භාවිතය)
මේ වගේ තවත් ලිපි | Read more like this
The post ඩෙංගු රෝගය ගැන පොඩි විස්තරයක් appeared first on කළු කුහරය | Black Hole.
කළු කුහරය | Black Hole http://ift.tt/2j1GzKW
http://ift.tt/2jrWvDh
Visit our website to read more
Kommentit
Lähetä kommentti