Jack the ripper අභිරහස් ඝාතකයා

Serial killers ලා ගැන ඔයගොල්ලො සමහර විට අහලා ඇති. අද කතා කරන්න යන්නේ එවැනි ඝාතකයෙක් ගැන, ඉතින් ඉස්සෙල්ලාම කියන්නම් Serial killer කෙනෙක් කියන්නේ කව්ද කියලා. ඇත්තටම Serial killer කෙනෙක් කියන්නේ හේතුවක් නොමැතිව මිනිස්සු ඝාතනය කරන කෙනෙකුට, ඒක ඇත්තටම කිවොත් මානසික විකෘතියක්.

Serial killer - Jack the ripper

ලංකාවේ පසුගිය කාලයේ කහවත්ත ප්‍රදේශයේ කාන්තාවන් ඝාතනය උනා, ඒකත් බොහෝ විට සීරියල් ඝාතකයෙක් වෙන්න පුලුවන්. මෙවැනි ඝාතකයෙක් යම් තොරාගත් පිරිසක් තමයි ඝාතනය කරන්නේ, උදාහරණයක් විදියට මැදිවියේ කාන්තාවන් ඝාතනය කරන්න තොරාගත්ත නම් ඔවුන්ව තමයි ඝාතනය කරන්නේ. ගොඩාක් වෙලාවට ඔවුන් ලිංගික ක්‍රියාකාරකම් වලට පවා ඒ කියන්නේ දුෂණය කිරිමක් හෝ නොකරනවා, හේතුව ඔවුන්ගේ මානසික තෘප්තිය තමයි ඝාතනය කිරිම. ඉතින් අද කතා කරන්නේ ඉතිහාසයේ හිටිය එවැනි සිරියල් ඝාතකයෙක් ගැන, අදටත් ඔහු කව්ද කියන එක අභිරහසක්.

ඔහු තමයි Jack the ripper.

සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රචක සර් ආතර් කොනන් ඩොයිල් පවා මෙම ඝාතකයා කව්ද යන්න සොයා තියෙනවා. නමුත් අද වනතුරුත් Jack the ripper කව්ද යන්න හෙලි නොවු අභිරහසක්. මොහුගේ චරිතය අලලා චිත්‍රපට ගණනාවක් නිපදවා තිබෙනවා. 1888 වර්ශයේ ලන්ඩන් වයිට් චැපල් හි මෙම ඝාතනය ආරම්භ වෙනවා. ඔහුගේ ඉලක්කය උනේ වීදි ගණිකාවන්, ඔහුගේ ඝාතනය අතිශයින්ම කෘර හා ආමානුශික වුවක්. ඔහු ඝාතනය කර අභ්‍යන්තර ඉන්ද්‍රියයන් එලියට ගෙන විසුරුවා දමා තියෙනවා. මේ නිසා මේ ගැන පරික්ෂණ කරපු අය කියන්නේ මොහු බොහෝ විට ශල්‍ය වෛද්‍යවරයෙක් වීමට ඉඩකඩ තියෙනවා කියලා.

(Image source: thestar.com)

ඒ අනුව බොහොමයක් ශල්‍ය වෛද්‍යවරුන් පවා අත් අඩංගුවට හා ප්‍රශ්න කිරිමට ලක්වෙනවා. මොහු අතින් ඝාතනය වු සංඛ්‍යාව 11 දෙනෙකු පමණ වෙනවා. මෙම ඝාතනය කිරිමේ ක්‍රමවේදය එකම විදියක්, කිසිම ඝාතනය වු කාන්තාවක් දුෂණය වී තිබුනේ නෑ. නමුත් සමහර ඝාතනය වු කාන්තාවන්ගේ ලිංගික ප්‍රදේශ වලට කෘර විදියට හානි කරලා තිබුනා. පලමුවෙන්ම මොහුගේ ඉලක්කය උනේ එම්මා එලිසබත් නම් කාන්තාවයි, ඇය ගණිකාවකි. ඇයගේ ලිංගික ප්‍රදේශයට මොට ආයුධයක් දමා තිබුනා, ඇය මියගියේ රොහලේදීය. ඇයගේ ප්‍රකාශයට අනුව ඇයට තිදෙනෙකු පහර දි තිබුනා, ඒ අතර කුඩා ලමයෙකු සිටි බවත් ඇය කියා තිබුනා. නමුත් ඇය එම ප්‍රකාශය සිහියෙන් කියපු එකක් නොවේයි, කෙසේ නමුත් ඉන්පසුව ඝාතනය දිගටම මාස තුනක් පමණ සිද්ධ වෙනවා.

White chapel mystery කියලා මෙක හදුන්වනවා

කෙසේ නමුත් ඝාතනය සිදුවෙන කාලයේ ස්කොලන්ඩියාඩ් පොලිසිය වෙත අපුරු ලිපියක් ලැබෙනවා. ඒ තමයි ඝාතකයා තමන් බවත් නම Jack the ripper බවත් හා පුලුවන් නම් අල්ලන්න කියා අභියොගයක්ද කර තිබෙනවා. ඔහු දුරාචාරය නැති කිරීමට ගණිකාවන් ඝාතනය කරන බවත් කියා තිබුනා. එතැන් පටන් මෙම ඝාතකයා Jack the ripper යනුවෙන් ප්‍රසිද්ධ උනා. ඉන්පසුව ඝාතන වලට පසුව ඔහු පොලිසිය වෙත ලියුම් එවා තිබුනා, කෙසේ නමුත් පොලිසිය වෙත ජනතා විරොධය පමණක් නොව එවක බ්‍රිතාන්‍ය මහ රැජින වු වික්ටොරියා රැජින පවා පොලිසියට බැන වැදුනා. මේ නිසාම පොලිසිය වෙස්වලාගෙන නිතරම සැරිසරන්නට උනා. මේ හේතුව නිසා සමහර අවස්ථාවක සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රහාරයන්ට පවා පොලිස් නිලධාරීන් ලක් වුනා.

කොපමණ රහස් ආකාරයට හිටියද නැවතත් ගණිකාවන් ඝාතනය සිදු වුනා, කෙසේ නමුත් Jack the ripper අන් කිසිවෙකු නොව රජ පවුලේ සමාජිකයෙක් බවට කියවෙන ප්‍රබල මතයක් තියෙනවා. මෙම ඝාතන රැල්ල එකවරම නැති වී යන අතර ඉන්පසුව කිසිදවසක එම ඝාතනයන් සිදු වෙන්නේ නෑ.

(Image source: thedungeons.com)

කොහොම උනත් අද වනතුරුත් Jack the ripper යනු කවරෙක්ද යන්න අභිරහසකි. එය කාලයේ සැගවුන තවත් නොවිසඳුණු අභිරහසකි. සර් ආතර් කොනන් ඩොයිල්ගේ මතය අනුව නම් ඝාතකයා කාන්තාවක් ලෙස වෙස් වලාගෙන පැමිණි අයෙකු විය හැකි බවයි. එම ඝාතන රැල්ලෙන් ටික කලකට පසුව ඝාතනයක් හේතුවෙන් එල්ලා මැරිමට නියම වු අයෙකු මියයන මොහොතේ

“මම ජැක්”

යැයි පැවසුවේ යැයි කියැවෙනවා.

මේ වගේ තවත් ලිපි | Read more like this

The post Jack the ripper අභිරහස් ඝාතකයා appeared first on කළු කුහරය | Black Hole.

කළු කුහරය | Black Hole http://ift.tt/2rFbiRq



http://ift.tt/2E9K6Nq
Visit our website to read more

Kommentit

Tämän blogin suosituimmat tekstit

Alzheimer’s drug targeting soluble amyloid falls short in a large clinical trial